gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සිරිසේනලාගේ වාසියට උසාවි නියෝගයක් ලැබෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව සභාපතිවරයාට සහ දේශපාලන මණ්ඩලයට තම කාර්ය භාරයේ කටයුතු කිරීමට බාධා කිරීම සියලු පාර්ශවයන්ට වළක්වමින් වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

'ඩයනා ගමගේව' සියල්ලන්ම අවභාවිත කළා' - මුජිබර් පාර්ලිමේන්තුවේදී කියයි (VIDEO)

පාර්ලිමේන්තුවෙන් ඉවත් වී අවුරුදු එකාහාමාරකට පසු නැවත වතාවක් පාර්ලිමේන්තුවට පැමිණීමට අවස්ථාව හිමි වු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසනවා. තමා පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් ඉවත් වීමේ කැපකිරීම සිදුකළේ සිය පක්ෂය වෙනුවෙන්, කොළඹ ජනතාව වෙනුවෙන් සහ ඉදිරි දේශපාලන අභියෝගය භාරගෙන එය වෙනුවෙන් ඉදිරිපත් වීමේ අරමුණින් බවයි අද (13) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ.

ඔක්තෝබර් මාසයෙන් පසු නැවත මේ රටේ ජනාධිපතිවරු නෑ... බලය ලැබුණු ගමන් මුලින්ම කරන දේ තීරණය කරලා ඉවරයි!

ජාතික ජන බලවේග ජාතික විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් අනුරාධපුරයේ පවත්වන ලද ජන හමුවක් අමතමිනි කියා සිටියේ එළඹෙන ඔක්තෝබර් 18 වැනිදා ශ්‍රී ලංකාවේ පළමු වතාවට ජනාධිපති සහෝදරයෙක් බිහිවන බවත් එම ජනාධිපති සහෝදරයා විසින් තම පළමු කාර්යය ලෙස පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ඇති බවත්ය.

කෝටි 1300ක් පෙන්වා පිල්ලෙයාන් රාජපක්ෂලා හැර යයි

මේ දක්වා රාජපක්ෂ පවුල සමඟ ආණ්ඩු පවත්වා ගෙන යාමට හවුල් වූ සිවනේසතුරෙයි චන්ද්‍රකාන්ත් හෙවත් පිල්ලෙයාන් රුපියල් කෝටි 1,300ක පමණ ව්‍යාපෘති පෙන්වා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ එක්වන බව ප්‍රකාශ කර තිබේ.

මඟුල්ගෙදර මනමාලයව අපි නියම වෙලාවට එළියට දානවා – රෝහිත

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානාත්මක පක්ෂයක් බවත්, නියමිත වෙලාව පැමිණි පසු තම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත් කරන බවත් කෝප් කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.

ශ‍්‍රීලනිප දෙපිල යුද වදින්න යයි... ඩාලි පාරට පොලිස් බලඇණි කැදවයි!

ඩාලි පාරේ පිහිටි  ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය අවට ඊයේ දවස පුරා දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබිණි.

ඒ එම පක්ෂයේ මෛත්‍රී පාර්ශවය හා නිමල් සිරිපාල පාර්ශ්වයන් අතර ගැටුමක් හටගනින් ගනු ඇතැයි පැතිර ගිය තොරතුරු හේතුවෙනි.

බන්ඩාරනායක ඝාතනයටත් වඩා බරපතළ කාරණාවක් පිළිබඳ දුමින්ද හෙළිකරයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල පාර්ශ්වයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කියා සිටියේ, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකයකු වන ආචාර්ය විජයදාස රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයට නම් කිරීම එස්. ඩබ්ලිව්. ආර්.ඩී බණ්ඩාරනායක මහතා ඝාතනය කිරීමටත් වැඩි කණගාටුදායක සිද්ධියක් බවයි.

මන්ත‍්‍රීලාට වාහන බලපත් දෙන්න අනුමැතිය

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සඳහා තීරු බදු රහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීම සඳහා පාර්ලිමේන්තුවේ ගෘහ කාරක සභාව විසින් අනුමැතිය ලබා දී ඇති බව වාර්තා වෙයි.

ජනාධිපති රනිල්ට තීරණාත්මක දින කිහිපයක් – ඇමරිකානු උපදේශකයන්!

ආරම්භ වූ සතියේ ඉදිරි දින කිහිපය ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඉදිරියේ පැවැත්වෙන ජාතික මැතිවරණය සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් ගැනීමට සිදු වනු ඇති බවට පුරෝකතනය කර තිබේ.

‘පිස්සු… හොඳටම පිස්සු…! මට කියන්න තියෙන්නේ එච්චරයි! මානසික ප්‍රශ්නයක් තියෙනවා නම් ප්‍රතිකාර ගන්න!’ ඩයනයි ඩයනාගේ සැමියයි කියපු කතාවලට සජබ ප්‍රධාන විධායක නිලධාරී නීතීඥ අජිත් දීපු උත්තරේ! VIDEO

Lanka Hot News -
ඩයනා ගමගේ මහත්මිය අත්අඩංගුවට ගත යුතු බව සජබ ප්‍රධාන විධායක නිලධාරී අජිත් පී පෙරේරා මහතා පැවසීය.
ඒ මහගා පෙන්වා දුන්නේ ඩයනා ගමගේට සහ ඇගේ සැමියාට පිස්සු බවත්, වහාම ඊට ප්‍රතිකාර ගත යුතු බවත්ය.

නීතියේ සරණ පතා එන කාන්තාවන්ට නිළ ඇඳුමේ බලය පෙන්වා අනියම් ඇසුරට පොළඹවන පොලිස් නිළධාරීන්ට වැඩ වරදී.. පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ හොඳ වැඩක්

Lanka Hot News - අනියම් ඇසුරට ලොල් වී කාන්තාවන් හඹා යන පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු නිලධාරීන් ගැන වාර්තා ලබාගෙන වහාම තනතුරුවලින් ඉවත් කිරීමට පොලිස් මූලස්ථානය තීරණය කර ඇත.

රජය ඉල්ලුවොත් රුසියානු යුද්ධයේ කුලී හේවාකම් කරන ශ්‍රී ලාංකිකයින් සතියකින් රටට ගෙන්වනවා… උයදංග වීරතුංග !

රජය පාර්ශවයෙන් තමන්ගෙන් ඉල්ලීමක් කළහොත් දැනට රුසියාවේ හා යුක්රේනයේ කුළී හමුදාවන් ලෙස සේවය කරන ශ්‍රී ලාංකික හමුදා සෙබළුන් සතියක් තුළ මෙරටට ගෙන්වා දීමට තමන්ට හැකි බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තාතාපති උදයංග වීරතුංග  පැවසිය.
ඔහු මේ බව පැවසුවේ ඊයේ (12) මත්තල ගුවන් තොටුපොල පරිශ්‍රයේදී  මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිණි.

ජනාධිපතිවරණය තෙක් විකිණිල්ල නවත්වන්න… මහින්ද රනිල්ට දන්වයි!

ඉදිරි ජනාධිපතිවරණයෙන් පසු නව රජයක් පිහිටුවන තුරු රජය සතු වත්කම් හෝ ව්‍යාපාර විකුණා දැමීමට ගෙන ඇති සියලු පියවර අත්හිටුවිය යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ  ප්‍රකාශ කරයි.
රජය සතු වත්කම් සහ ව්‍යාපාර විකිණීම සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයා අද (12) දින මේ බව සඳහන් කළේය.

ඩයනාගේ විවාහයත් බොරුවක්.. සැමියාගෙන් යුකේ‍්‍රන තරුණියකට දරුවන් දෙදෙනෙක්… (video)

හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මියගේ ලංකා පුරවැසිභාවය පමණක් නොව මෙරට විවාහයද බොරුවක් බව අභිනව ජනතාව පෙරමුණේ නායක නායක ඕෂල හෙරත් මහතා සඳහන් කරයි.

අවුරුදු 02ක් තිස්සේ කුවේට්වල බැලමෙහෙවර කර හැටන් මහජන බැංකුවට එවු ලක්ෂ 13ම පිල්ලි ගිහින්… බගවන්තලාවේ කාන්තාවක් සිය දිවි නසා ගන්න යයි!

වසර දෙකක කාලයක් කුවේට් රාජ්‍යයේ ගෘහ සේවිකාවක් වශයෙන් සේවය කර මාසිකව උපයා ගන්නා වැටුප හැටන්    මහජන බැංකුවේ විවෘත කර තිබුණු තම ගිණුමට බැර කළද තමා දිවයිනට පැමිණ එම මුදල් වලින් කොටසක් ලබා ගැනීමට  බැංකුව වෙත ගිය අවස්ථාවේ ගිණුමේ ඉතිරය ලෙස තිබුණේ රුපියල් 1046ක්   පමණක්  බව බගවන්තලාව පොලිස් වසමට අයත් එල්බොඩ වත්ත පහළ කොටසේ පදිංචි

පොලිස් නිලධාරීන්ට ඩියුටි ෆ්‍රී යතුරුපැදි

පොලිස් නිලධාරීන්ගේ හා නිලධාරිනියන්ගේ ප්‍රවාහන වියදම් අවම කිරීම සඳහා තීරු බදු රහිතව යතුරුපැදි ලබාදීමට පොලිස් මූලස්ථානය අවධානය යොමුකර ඇත.

ලංකාවට ලේසි වෙන්නෙ නෑ වගේ! ජූලි චන්ග් වෙනුවට එන්න හිතන් ඉන්න හෝර්ස්ට් දැනටම ලංකාවට යුද ප්‍රකාශ කරලා වගේ!

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිවරිය ලෙස පත්වීම ස්ථිර වුවහොත් මෙරට සුළු ජන කණ්ඩායම්වල සාමාජිකයන්ට සහාය දැක්වීමට බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකාවේ මානව අයිතිවාසිකම් පිළිබඳව ඇමෙරිකාව දරන මතය තමන්ද දරන බවත් ශ්‍රී ලංකාවේ මීළඟ ඇමරිකානු තානාපතිවරිය ලෙස තේරී පත්වීමට නම

මැතිවරණ දින කලින් එළියට දැමීම ගැන විපක්ෂයට සැකයක්

ජනාධිපතිවරණයට මාස තුනකට ආසන්න කාලයක් ඉදිරියට තිබියදී මැතිවරණ කොමිසම ජනාධිපතිවරණය පැවැත්වීමේ දින නිකුත් කිරීම පළාත් පාලන මැතිවරණයට කළ ආකාරයේ ම මැතිවරණය කල් දැමීමේ ක්‍රමයේ දිගුවක් බවට දේශපාලන අංශවල දැඩි සැකයක් මතු වී තිබේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka